Thursday, November 18, 2021
Mahinda Rajapaksha
මේක දැක්කම මතක් වුණේ කෝටුවක් වන වන නියර දිගේ ඇවිදගෙන ආපු මහින්දව, මීට අවුරුදු 10කට 15කට කලින් කොල්ලා වගේ පිට්ටනි වටේ දුවපු මහින්ද, සරම උස්සගෙන වැටවල් උඩින් පැනපු මහින්ද, කැබිතිගොල්ලෑව බෝම්බෙ පුපුරපු ගමන් එතනට ගිහින් තමන්ගෙ මැරුණු දරුව වඩාගෙන කෑ ගහ ගහ අඬපු තාත්තගෙ ලේ ගෑවුණු අත් දෙක අල්ලගෙන අස්වසපු මහින්ද, යුද්ධෙ අතරමැද කාලේ හමුදා රෝහලට ගිහින් හමුදා සෙබළෙකුගෙ අත් දෙක අල්ලගෙන මං මේක ඉවර වෙනකන් නවත්තන්නෙ නැහැ කියපු මහින්ද.
ඒ මහින්දගේ මට තියෙන අවසාන මතකය 2018 ඔක්තෝම්බර් ව්‍යවස්ථා කුමන්ත්‍රණය වෙලාවේ "මට මේ අගමැතිකම් වැඩක් නැහැ, මම නිකම් මහින්ද වුණත් මේ මහින්ද මහින්දම තමයි" කියලා ගර්ජනා කරපු අවස්ථාව.
ඔව් මහින්දට දැන් වයසයි. අපිට ඒක පේනවා දැනෙනවා. ඔහුගේ හිතට කෙසේවෙතත් ගතට ඒක දැනෙන්න පටන් අරන්.
ගිය අවුරුද්දේ අයවැය කියවීමෙන් පසුව තිබ්බ තේ පැන් සංග්‍රහය අයවැය කියවීමේ අතරමැද Interval එකක් වෙනවා.
හැමදාම මුදල් ඇමති හිටගෙන කියවපු අයවැය ඔහුට ඉදගෙන කියවන්න වෙලා.
වාඩිවෙන වෙලාවෙ මයික් එකෙන් ඇහුණේ හම්මෙහ් කොන්දත් රිදෙනවා වගේ කතාවක්. ඒකත් සුපුරුදු සරල හිනාවෙන්.
මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දයක් දීලා නැහැ කවදාවත්. හැබැයි මහින්ද රාජපක්ෂ කියන්නෙ මට දේශපාලනික වීරයෙක්.
මට මේ ටික ලියන්න ඕන වුණේ ආණ්ඩු පක්ශය නියෝජනය කරන කඳවුරේ වගේම විපක්ෂය නියෝජනය කරන කඳවුරෙත් ඉන්නවා ඉතිහාසය දන්නෙ නැති නංගිලා මල්ලිලා.
කොළ වැටෙමින් යනවා වුණත් මේවා මහා හයිය ගස්. මේවා බිමට වැටුණ දවසක ඒ හිස්තැන මකන්න පුළුවන් චරිත තාම මේ පොළොවේ හැදිලා නැහැ.
මේ ගහ බිම වැටුණොත් ඒ ගහ යට හැදුණු ගෝඨාභය, නාමල් වගේ අවශේෂ ගස් නිකන්ම නිකන් පුංචි හුළඟවල් වලටත් ගහගෙන යන එක නවත්තන්න බැහැ.
අගමැතිතුමනි සුබ උපන්දිනයක් වේවා..!!
හදවතින්ම පතමි ඔබට දීර්ඝායුෂ..!!! ❤️
copied from facebook
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment